කථානායක ධුරය ගැන සී. බී. ගෙන් ඉඟියක්
අභිනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වෙනු ඇතැයි අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා වනජීවි අමාත්‍යංශයේ වැඩ භාරගත් අවස්ථාවේ ඒ බව පැවසීය.
වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූ සී.බී.රත්නායක මහතා අද උදෑසන බත්තරමුල්ලේ සිය අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළේය.
තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
එහිදී සී. බී. රත්නායක මහතා, තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාට “අපේ අභිනව කථානායකතුමා යනුවෙන් ආමන්ත්‍රණය කළ අතර ඊට ප්‍රතිචාර ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ පැවසීය.
“තාම ධුරය ලැබුණේ නැහැ. ලැබුණට පස්සේ අපි කල්පනා කරලා බලමු අපිට පුළුවන් උපරිම මට්ටමෙන් ඒ කටයුතු කරන්න..”






















