Wednesday, November 11, 2026
HomeNEWSඑයාර් බස් වන්දියෙන් මුදල් වංචා කළ අය ගැන ෆොන්සේකා කියයි

එයාර් බස් වන්දියෙන් මුදල් වංචා කළ අය ගැන ෆොන්සේකා කියයි

එයාර් බස් ගිවිසුම අහෝසි කර ඒ සඳහා වන්දි ගෙවීමේදී එවක යහපාලන ආණ්ඩුවේ ඇතැම් අය අමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (07) පැවැති ජනහමුවකට එක්වෙමිනි.

“අපේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දඬුවම් කරනවා කියලා මොනවද කළේ ? අරගොල්ලෝ කරපු විදියටම හොරකම් කළා. ඒ ආණ්ඩුව තියෙනකොට අපි දැක්කා එයාර් බස් ගිවිසුම ගැන අහලා තියෙනවා නේ. ඒකෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගැහුවා කිව්වා. එතකොට ඒ ගිවිසුම අපේ ආණ්ඩුව ඇවිල්ලා අහෝසි කළා.
අහෝසි කළේ ලොකු වන්දියක් ගෙවලා. මම හිතන්නේ ඩොලර් මිලියන 150ක විතර වන්දියක් ගෙව්වා. දැන් ඔයගොල්ලො විශ්වාස කරනවාද ඒ වන්දිය ගෙවන්න ගෙවපු එකෙන් අපේ එවුන් ගැහුවා කියලා ඩොලර් මිලියන 20ක්. දැන් මේ පාඩුවක් වෙලා රටෙන් ගෙවනවා ඒක. ගෙවනකොට අපේ එකාගේ සාක්කුවට යන ඩොලර් මිලියන 20ත් එකට දානවා. යහපාලන ආණ්ඩුව. අපේ නායකයා ඇතුළු ඒ අදාළ හිටපු අය වගකියන්න ඕනේ. කට්ටිය ඩොලර් මිලියන 20ක් ගැහුවා. තාම කියනවා ආණ්ඩුව අපට එපා. විකල්පය කවුද කියලා තාම අපෙන් අහනවා. අපි අලුත් පක්ෂයක් හින්දා තාම විකල්පයක් කියලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා ජනතාව තාම ඒ තීරණයට ඇවිලා නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img