Tuesday, November 10, 2026
HomeNEWSඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගත් රටවල් සංඛ්‍යාව ඉහළට

ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගත් රටවල් සංඛ්‍යාව ඉහළට

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මේ වනවිට වඩාත් වේගයෙන් ලොව රටවල් අතර ව්‍යාප්ත වෙමින් පවතී.

දැනට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්ම රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබේ.

ගෙවුණු පැය 24 තුළ, දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනුණි.

මෙසේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස්ය.

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි  පුද්ගලයින් ඔමික්‍රෝන් සමාජ ව්‍යාප්තියක් පැවතිය හැකි රටවල සංචාරයෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.

දිගුකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ටත් එය අදාළ වන බව එම සංවිධානය පවසයි.

රටවල් ඉලක්ක කරගත් මහා පරිමාණ සංචාරක සීමා පැනවූ පමණින් නව ප්‍රභේදය රටින් රටට ව්‍යාප්තවීම පාලනය කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මෙවන් සීමා මගින් වසංගතය සම්බන්ධ නව සොයාගැනීම් සිදුකරන රටවල් අධෛර්යට පත් වන අතර එය ගෝලීය සෞඛ්‍ය ආපදාවන්ට හේතුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img