ඔමික්‍රොන් නව ප්‍රභේදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ බියගම පැවති උත්සවයකදී ය.
“දැනට තියෙන සෞඛ්‍ය සේවය තුළින් අපි මේකට මුහුණදීලා තියෙනවා. ඒත් අපි යුරෝපය දිහා බලනවා නම්, ඔමික්‍රෝන් මීටත් වඩා වේගයෙන් පැතිරෙනවා. සමහර රටවල්වල ජනතාවගෙන් 50%ක් ඔමික්‍රෝන්වලට යටවෙලා. ඔමික්‍රොන් සීඝ්‍රයෙන් පැතිරෙනවා. ඔමික්‍රෝන්වල මරණ ප්‍රමාණය හුඟාක් දුරට අඩුයි. ඔමික්‍රොන් හෝ කොවිඩ් වැඩි වුණොත් දවස් ගාණකට වැඩ කරන්න බැරි වෙනවා. රටේ ජනගහනයෙන් භාගයකට දවස් 5ක් සේවය කරන්න බැරි නම් ආර්ථිකයට තියෙන වෙනස මොකද්ද කියලා කියන්න ඕනේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ අවස්ථාවේ දී රටට දැනුවත් කරයි කියලා ඔමික්‍රෝන් පැමිණීම, ඒ පිළිබඳ ගත යුතු පියවර. තාම කොටසක් ඉන්නවා එන්නත් නොලැබුණු අය. තවත් කොටසක් ඉන්නවා තුන්වැනි එන්නත ලබලා දෙන්න. මේ දෙකම අපි කරන්න ඕනේ. මේ දේ කෙරුවොත් විතරයි යම් කිසි දුරටකට අපිට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ උවදුර, ජනතාව එක්රැස්වෙන ස්ථානවල ගත යුතු ආරක්ෂක පියවර ඒ සියල්ලම අපි දැනුම් දෙන්න ඕනේ. නැත්නම් සමහරු හිතන්නේ, වසංගතය අවසන් කියලා.”






















