Sunday, November 8, 2026
HomeNEWSඕනෑම මැතිවරණයකට පක්ෂයක් ලෙස අපි සූදානම්-නාමල් රාජපක්ෂ.

ඕනෑම මැතිවරණයකට පක්ෂයක් ලෙස අපි සූදානම්-නාමල් රාජපක්ෂ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ වැඩසටහනකට පැමිණෙන අතරතුර මාධ්‍යයට අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ,

අපි පක්ෂ අපේ දේශපාලන සාකච්ඡා දිගටම පවත්වනවා නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ දී
දේශපාලන පක්ෂයක් උනාම කටයුතු කල යුත්තේ මැතිවරණ ඉලක්ක කරගෙනයි.
ඕනෑම මැතිවරණයකට පක්ෂයක් ලෙස අපි සූදානම්.අපිට වැරදුනෙත් අපි දේශපාලනය නොකරපු එක.ඒ නිසා අපි පාක්ෂිකයෝ එක්ක කටයුතු කරනවා.

මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි.සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය පෞද්ගලිකත්වය කෙලසන අවස්ථා අපි දකිනවා.ඒ වගේම පුවතක් වාර්ථා කරනකොට ඒ පුවතේ අර්ථය වෙනස් කරපු අවස්ථා අපි දකිනවා.ඒ නිසා ලෝකයේ රටවල් වල නීති රෙගුලාසි හදුන්වා දීලා තිබෙනවා.වාරණයක් ලෙස ක්‍රියාත්මක නොවුනත් යම් නීති රීති මාලාවක් හදුන්වාදිය යුතුයි.

අපි පැහැදිලිව දකින්නේ සිංගප්පූරුවේ උනත් ඉන්දියාවේ උනත් ඒ රටට ගැලපෙන ක්‍රමයක් තිබෙනවා.අද අපි යම්කිසි පුවතක් ගැන ඒ ආයතන වලට පැමිණිලි කලත් ඒ ආයතන අහන්නේ අපේ රටේ නීතිය ගැන.ලෝකයේ හැම රටක්ම සමාජ මාධ්‍ය නියාමනය ගැන කතා වෙනවා.
මේ සමාජ මාධ්‍ය පනත තව අධ්‍යනය කල යුතුයි.
නමුත් කෙනෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ගැන මේ සමාගම් විරුද්ධ වෙන එකක් නෑ.

සමාජය තුල කැලඹීමක් ඇතිවෙන්න සමාජ මාධ්‍ය භාවිතයට අපි ඉඩ ලබා නොදිය යුතුයි.
ඔව්, මගේ ලයිට් බිල කියපු එක ඊයේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා ගෙවලා තිබුනා.නමුත් අද වෙනකම් මට හෝ මගේ පියාට බිලක් ලැබිලා නෑ.මම සනත් නිශාන්ත මන්ත්‍රීතුමාට ස්තූතියිවන්ත වෙනවා

විදුලි බිලක් නොලැබුනු මට බිලේ කොපියක් අවශ්‍ය නෑ.
සනත් නිශාන්ත මන්ත්‍රීතුමා ගෙවලා තිබෙන්නේ ජනාධි ආරක්ෂක කොඨ්ටාසයට යවපු බිල
මේ රටේ විදුලිය උත්පාදනය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කල යුතුයි.මේ රටේ නැවත විදුලි බිල වැඩි කලොත් ජනතාව විශාල අර්බුදයකට ලක් වේවි.
IMF දෙවෙනි වාරිකය ගැන අහන්න ඕන මුදල් අමාත්‍යාංශයෙන්.IMF මුවාවෙන් වතුර බිල විදුලිබිල වැඩිවෙනවා.ඒක රටේ ජනතාවට දරාගන්න බෑ.IMF කිය කිය ඉන්නේ නැතුව ගෘහස්ථ ආර්ථිකය නංවා කටයුතු කල යුතුයි.එහෙම නැතුව එකම පිරිසකට බදු ගගහා මේක කරන්න බෑ
IMF කියන හැමදේම ආණ්ඩුවක් විසින් කල යුතු යැයි මම විශ්වාස කරන්නෙ නෑ
ආණ්ඩුව මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කල යුතුයි.
IMF එක එකම විසදුම නොවෙයි
මේ ජනාධිපතිතුමා පත් උනේ අරගලය නිසානේ.ගෝඨාභය මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ.බදු අඩු කරපු නායකයා එලවගත්තා නේ.
මාධ්‍ය හැමදාම අහන්නේ මහින්ද මහත්තයා සනීපද අසනීපද කියලනේ.ඒ නිසා එතුමා යන තැන් මාධ්‍යයටත් කියන්න දැන් අපි තීන්දු කලා.
අපි ජනාධිපතිවරණයක් ගැන අද වෙනකම් සාකච්ඡා කරලා නෑ.අපේ බලවේගය ආරක්ෂා කරන්න පුලුවන් වැඩපිළිවෙළක් එක්කයි අපි ඉස්සරහට යන්නේ.පුද්ගලයා කියන කාරණය තීන්දු කල යුත්තේ ඊට පසුවයි
නූතන ආර්ථික ක්‍රමයට දේශීය ආර්ථිකය ශක්තිමත් කල හැකි වැඩපිළිවෙළක් එක්ක අපි ඉදිරියට යා යුතුයි.
තාත්තට පුතා කොච්චර වයසට ගියත් පොඩියිනේ.ඒක තමයි ආදරේ සහ පියසෙනෙහස.

දැනට එන්න තියෙන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය .ඒකට දිනයක් එනකම් බලන් ඉන්නවා
තාත්තා මට දීපු පලවෙනි බැටල් එක තමයි හම්බන්තොටින් පාර්ලිමේන්තුවට තේරෙන එක
ඉදිරියේදී ආණ්ඩු හදන ප්‍රධාන බලවේගය බවට පොදුජන පෙරමුණ පත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img