Monday, November 9, 2026
HomeNEWSඖෂධ හිඟය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්

ඖෂධ හිඟය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්

ඩොලරයේ අගයේ සිදුවු වෙනස සමග ඖෂධවල මිල ගණන් සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර, රට තුළ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අද (09) උදෑසන හෝමාගම නගරයේ දී රාජ්‍ය ඔසුසැලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

ප්‍රශ්නය – රජයේ ඖෂධවේදීන්ගේ සංගමය කියනවා තව සති දෙකකට විතරයි ඖෂධ තියෙන්නේ කියලා. 

“ඖෂධ ගෙන එන්න අවශ්‍ය පියවර මේ වනවිට යොදලා තියෙනවා. අපිට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබාදීලා තියෙනවා. ඖෂධ හිඟයක් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. පුරෝකථන කරන්න පුළුවන් තව සතියයි දෙකයි තුනයි හතරයි කියලා. නමුත් එවන් තත්ත්වයක් ඇති නොවෙන්න තමා අපි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අනවශ්‍ය බියක්, කලබලයක් ඇති කරගන්න එපා කියලා. රටට අවශ්‍ය බෙහෙත් ටික රටේ අවශ්‍යතාවයට ඕන විදියට ගෙනල්ලා දෙන්න කටයුතු යොදලා තියෙන්නේ. ඇත්තටම ඩොලර් එකේ ප්‍රශ්නය නිසා ඖෂධ ආනයනය කරන පෞද්ගලික සමාගම් යම් බියක් දක්වනවා ආනයනය කරන්න. ඔවුන් සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳලා තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී ඩොලර් එකට ඉහළ අගයක් ලබාදෙන්න කටයුතු කිරීම තුළින් නැවත ඖෂධ ආනයනය කරන්න ඒ සමාගම් ඉදිරිපත් වෙලා ඉන්නවා.”

ප්‍රශ්නය – ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරියේදී මොකද වෙන්නේ ?

“ලෝක වෙළෙඳපොළේ පැරසිටමෝල් නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉතාම ඉහළ ගියා. ඊයේ ඩොලරයේ සිදුවු වෙනසත් එක්ක නැවත වතාවක් ඊට සමානුපාතිකව ඖෂධවල මිල යම්කිසි වෙනසක් සිදුකරන්න වෙනවා. ඒ සඳහා මේ වනවිට රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය කටයුතු යොදාගෙන යනවා. එහෙම නැති වුණොත් එහෙම ඉස්සෙල්ලා වුණ ප්‍රශ්නේ තමා වෙන්නේ. ඖෂධවල මිල ඉහළ යයි කියන බලාපොරොත්තුවෙන් පෞද්ගලික ඖෂධ ශාලා හිමිකරුවන් ඒ ඖෂධ විකුණන්නේ නැතුව තියා ගන්නවා. ඒකෙන් කෘතිම ලෙස ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්. එය වළක්වා ගන්න අපි හැමවෙලාවේම ඩොලරයේ අගයට සාමානුපාතිකව පාලන ඖෂධවල මිල පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. පැරසිටමෝල් නෑ කියලා විවිධ මාධ්‍ය චෝදනා කළා. හෝමාගම විවෘත කරපු ඔසුසලේ ගිහින් බලන්න පැරසිටමෝල් තියෙනවා ද නැද්ද කියලා. ඇතැම් වෙළෙඳනම් කිහිපයක් වෙළෙඳපොළට ඖෂධ නිකුත් කරන එක නවත්තලා තියෙනවා. ඒක නිසා වෙළෙඳනම් මිලදී ගත්ත අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඖෂධයේ හිඟයක් නෑ වෙළෙඳ නම හොයන් යන්නේ නැතුව පැරසිටමෝල් කියන නමින් ඒ ඖෂධය ලබාගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img