Monday, November 9, 2026
HomeNEWSරන්ජන් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ල කැඳවීමට දින නියම කෙරේ 

රන්ජන් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ල කැඳවීමට දින නියම කෙරේ 

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ල ලබන 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (09) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

එම අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය වෙත කොන්දේසි විරහිතව සිය කනගාටුව පළ කිරීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව දැනුම් දුනි.

එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බව සිය සේවාදායකයා විසින් ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නේය.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රඟපෑ ද්විත්ව චරිතයක් සහිත චිත්‍රපටයක මංගල දර්ශනය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන බවත් ඊට තම සේවාදායකයා සහභාගී කරවන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත්කළ අගවිනිසුරුවරයා වගඋත්තරකරු සිරදඬුවම් නියමවී සිටින්නේ මෙම නඩුවට නොවන බව සඳහන් කළේය.

එබැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර නීතීන්ට අනුව කටයුතු කිරීමට වග උත්තරකරුට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img