දෙමාපියන් දිනපතා නිවසේ රණ්ඩු වෙන බැවින් තමන්ට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් පාසල් දැරියක් යාපනය, අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (08) පාසල් ඇඳුමින් සැරසී එම දැරිය පොලීසිය වෙත පැමිණ ඇතැයි අප වාර්තාකරු පැවසීය.
යාපනය,අච්චුවේලි, ආවරන්ගායි ප්රදේශයේ පදිංචි එම දැරිය 14 හැවිරිදි වියේ පසුවෙයි.
පොලීසිය පැවසුවේ, පියා දිනපතා මත්පැන් පානය කොට පැමිණ මව සමග නිතර නිතර රණ්ඩු කරගන්නා බවත්, ඔවුන්ගේ රණ්ඩු තමන්ට ඉවසිය නොහැකි බවත් අදාළ දැරිය පොලීසියට පැවසු බවය.
නිවසේ ඇති වෙන රණ්ඩු නිසාවෙන් තමන්ට හා තමන්ගේ සහෝදරයන් දෙදෙනාට මෙන්ම කුඩා නැඟණියටත් නිවසේ ජීවත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඇය පැමිණි කර ඇත.
දැරියගේ ප්රකාශ මත 45 හැවිරිදි ඇයගේ පියා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලීසිය පැවසුවේ, දැරියගේ මවට ද දැඩි ලෙස අවවාද කර, කෝපායි ප්රාදේශීය ලේකම් කාර්යාල පරිවාස නිලධාරීන් විසින් දැරිය මව ට භාරදුන් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.






















