කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් විශේෂ චර්ම රෝගී තත්ත්වයකට සහ උණ රෝගී තත්ත්වයකට ගොදුරුවන බව හඳුනාගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමකදී වාර්තා වුණේ මොනරුන් නිසා ජනතාව මෙම තත්ත්වයන්ට ගොදුරු වන බවය.
වියළි කලාපයේ වැඩි වශයෙන් දැකිය හැකි මොනරා නම් පක්ෂියා මේ වනවිට ක්‍රමයෙන් තෙත් කලාපය ආක්‍රමණය කරමින් සිටි.
ඊට ප්‍රධාන උදාහනණයක් වන්නේ පසුගිය අවුරුදු 3ක කාලය තුළ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මොනර ගහනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීමය.
මෙම දිස්ත්‍රික්කවල ගොවිබිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව මේ වනවිට මෙම චර්ම රෝග සහ උණ රෝගී තත්ත්වයන්ට ගොදුරු වී තිබේ.
“මොනරගේ අසූචි හරිම විසයි. මොනරගේ ඇඟේ මැක්කො, උකුණෝ වගේ පොඩි සත්තු ජාතියක් ඉන්නවා. ඒ සත්තු ගොවි බිම්වලදී මිනිසුන්ට දෂ්ඨ කරනවා. ඊට පස්සේ කළුපාට තුවාලයක් හටගෙන ඊට පස්සේ සමේ රෝග ඇතිවෙනවා. ඒක ටික ටික ලොකු වෙනවා. රංචු වශයෙන් වී ඇතුළු ගොවිබිම්වලට පැමිණෙන මොනරුන් විශාල වශයෙන් වගා හානි සිදුකරනවා. එක රංචුවකට මොනරු 25ක් 30ක් විතර ඉන්නවා’ අපිට මේක විශාල කරදරයක්.” යැයි ප්‍රදේශවාසීන් පැවසීය.
මෙම ප්‍රදේශවල ජනතාව ඉල්ලා සිටින්නේ සිය ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසය.






















