Sunday, May 3, 2026
HomeNEWSLatest Newsකඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍යතුමා නිල වශයෙන්...

කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍යතුමා නිල වශයෙන් භාරදෙයි

කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍යතුමා නිල වශයෙන් භාරදෙයි

ඵෙතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද 2020.11.04 දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට භාර දුන්නේය.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාවවිජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීමෙන් අනතුරුව මෙසේ නිල වශයෙන් එය භාරදීම සිදුවිය. 

ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විවිධ ඖෂධ අඩංගු  ඖෂධ මංජුසාව සැදැහැ සිතින් වැදපුදාගනිමින් දෙවැනි පැරකුම් රජ දවසින් පසුව ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍ය ශාසනයේ චිර පැවැත්මට හේතුවේවායි ප්‍රාර්ථනා කළේය.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙ කඨින චීවර පඩුපෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙයි. 

මෙහිදී කඨින චීවරය නිර්මාණය කිරීමේ වගකීම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍යංශයට පවරා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img