කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මෙම වසරේදී ද කඨින චීවර පූජාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසය.
එහිදී පහත දැක්වෙන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම්දී තිබේ.
- කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැක.
- කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.
- කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීම.






















