Sunday, September 20, 2026
HomeNEWSකන්ටේනර් කතාව ඉවර නෑ... විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කන්ටේනර් කතාව ඉවර නෑ… විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි

කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට ලක් කිරීමෙන් තොරව නිදහස් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට වූ විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව අද (07)සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දෙනු ලැබුවා.මෙසේ නිසි පටිපාටිය අනුගමනය නොකර රතු ලේබල් ඇලවූ බහලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම් විසින් පරීක්‍ෂණ කමිටුවක්පත් කළා. එම කමිටුව විසින් සිය වාර්තාවට අදාළ කරුණ පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන නිසා මෙහි දී මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු බැවින් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී ඉල්ලා තිබෙනවා.මේ අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩී. වී චානක, ජේ. සී. අලවතුවල, කාවින්ද ජයවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img