කන්දකාඩු හා සේනපුර ආසාදිතයින් බහුතරයකට සුවයි
කන්දකාඩු හා සේනපුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කරන හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් -19 රෝගීන්ගෙන් 567 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, එම මධ්‍යස්ථාන ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් 629 දෙනාගෙන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 62 දෙනෙකු පමණි.
පුනරුත්ථාපනය වන රැඳවියන් කිහිපදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ මෙම කොරෝනා පොකුර නිර්මාණය විය.
පසුව එම මධ්‍යස්ථාන ආශ්‍රිතව රැඳවියන් 508 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු, පවුල්වල සාමාජිකයින් සහ සමීපතමයින් 48 දෙනෙකු ලෙස පුද්ගලයින් 629 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණි.






















