Wednesday, November 11, 2026
HomeNEWSකම්කරු සංගම් කාර්යාලයට කඩා පැනපු හිටපු ඇමතිවරු (CCTV සහිතයි)

කම්කරු සංගම් කාර්යාලයට කඩා පැනපු හිටපු ඇමතිවරු (CCTV සහිතයි)

රාජගිරිය ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ප්‍රමාද බවට එහි ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයෙන් වෙන්ව ගිය සමගි ජන බලවේගය අතර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ බලය මුල් කරගනිමින් ගැටලුවක් හටගත් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක්ද විභාග වේ.

මෙවැනි පසුබිමක රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ පසුගියදා ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් වඩිවෙල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

“2021.09.08 වන දින එම සංගමයේ මුලස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ නාඳුනන පිරිසක් යකඩ කූරු හා පොලු සමඟ බලහත්කාරයෙන් ඇතුළු වුණා. සාගල රත්නායක මහතා, රුවන් විජේවර්ධන මහතාත්, නවීන් දිසානායක මහතාත් කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු විය.”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, “මෙම සංගමය පිළිබඳව නඩුවක් උසාවියේ තිබුණා. ඒ අනුව තාවකාලික නියෝගයක් හම්බවුණා යෝගරාජන් මැතිතුමා එතැනට පත්කරලා. එතැනදි මෙතුමත් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක පොලීසියට ගිහින් දැන් පසුව උසාවියට අපහස කිරීමේ චෝදනාවක් දාලා තියෙනවා.” යනුවෙනි.

රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් කර්යාලයේ ඇති වූ සිද්ධියට අදාළ බව කියන CCTV දර්ශන සහ තවත් දර්ශන කිහපයක් අද (01)වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මාධ්‍යයට ලබාදුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍යවරයකු වූ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ලංකා ජාතික වතු කම්කරු සංගම් කාර්යාලයට ඇතුළු වන අකාරය එම CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණි.

වඩිවෙල් සුරේෂ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළේය.

“ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කාර්යාලය කඩලා කුඩු කරනවා හිටපු ඇමතිවරු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලත් නෑ නමුත් එයලාට MSD. මහජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය කම්කරු කාර්යාල කඩලා පොලීසියට කිව්වා, පොලීසියෙන් තාම ඇක්ෂන් නෑ. පාර්ලිමේන්තුවේ කථානායකතුමාට කිව්වා තාම පිළිතුරුක් හම්බවුණේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img