Sunday, May 3, 2026
HomeNEWSLatest Newsකර්මාන්තකරුවන්ට නව ජීවයක්

කර්මාන්තකරුවන්ට නව ජීවයක්

තවත් කර්මාන්තකරුවන්ගේ දිනයක නිමාව…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අදත් (31) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් රැසක් තම කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස අමාත්‍යවරයාගෙන් සහයෝගය ඉල්ලා සිටි අතර තමන් මුහුණ පා ඇති ගැටලු ද ඉදිරිපත් කරනු ලැබීය.

අද දිනයේ ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ හිමිකරු මේනක ආරියරත්න මහතා කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අතර ඔහු විසින් කෙසෙල් කඳ යොදා ගෙන නිපද වූ පරිසර හිතකාමී මෙන්ම ප්ලාස්ටික් යෝගට් කෝප්පයට විකල්පයක් වන ‘යෝගට් කොප්පය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සහයෝගය ඉල්ලා සිටියේය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට අදාළ නිලධාරීන්ට විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දුන්නේ කඩිනමින් මෙම ‘පරිසර හිතකාමී යෝගට් කෝප්පය’ හඳුන්වා දීමට මැදිහත් වන ලෙසය.

එසේම ‘Flix 11’ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ජිනේරු චාමර රූපසිංහ මහතා ද අමාත්‍යවරයා හමු වී තම ආයතනය විසින් නිපදවනු ලබන ‘ස්මාර්ට් නිවාස පද්ධති, ස්මාර්ට් කාර්යාල පද්ධති’ උපාංග සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන ලෙසත් ඒ සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී ආනයනික බදු සහන ලබා දෙන ලෙසත් කළ ඉල්ලීමට ද අමාත්‍යවරයා නිලධාරීන් මගින් අවශ්‍ය සහයෝගය ලබා දීමට පියවර ගනු ලැබීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img