විදේශ අමාත්‍ය විජිත හේරත් ඕමානයේ 8 වැනි ඉන්දීය සාගර සමුළුව අමතයිගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඕමානයේ මස්කට් නුවර පැවති 8 වැනි ඉන්දීය සාගර සමුළුවේ (IOC) දේශනයක් පැවැත්වීය. “සාගරික හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජය කරා ගමන” යන තේමාව යටතේ පැවති පළමු පූර්ණ සැසියේදී අදහස් දක්වමින් අමාත්‍ය හේරත්, ඉන්දියානු සාගර කලාපයේ කලාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආරක්ෂාව සහතික කිරීම සහ තිරසාර ආර්ථික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය.ඉන්දියන් සාගර සමුළුව, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියානු පදනම සමඟ එක්ව සංවිධානය කරනු ලබන අතර, කලාපීය ගැටළු සාකච්ඡා කිරීම සඳහා කලාපයේ සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධාන නියෝජිතයින් එක්රැස් කරයි. 2025 සංස්කරණය, ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් පවත්වනු ලබන අතර, නැගී එන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සමුද්‍රීය හවුල්කාරිත්වයන් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කරයි.හේරත් අමාත්‍යවරයා සිය කතාවේදී, කලාපීය ස්ථාවරත්වය සහ සම්බන්ධතාව පෝෂණය කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ කාර්යභාරය යලි තහවුරු කරමින් වෙළඳාම, ආරක්ෂාව සහ ආර්ථික වර්ධනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම අවධාරනය කළේය. විකාශනය වන භූ දේශපාලනික භූ දර්ශනයේ සැරිසැරීමට නිල් ආර්ථික මූලාරම්භයන්, පාරිසරික තිරසාරභාවය සහ තාක්ෂණය මත පදනම් වූ සමුද්‍ර විසඳුම් සඳහා වැඩි සහයෝගීතාවයක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.සමුළුව අතරතුර, අමාත්‍යවරයා තම සගයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වෙමින්, වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාව, වෙළඳ හවුල්කාරිත්වය සහ කලාපීය ආරක්ෂක මුලපිරීම් සඳහා මාර්ග ගවේෂණය කරයි.


























