Sunday, August 23, 2026
HomeNEWSක්‍රීඩා සමාජ ලෝක කුසලානය දිනූ එංගලන්තයේ චෙල්සි කණ්ඩායමට රුපියල් බිලියන 38ක දැවැන්ත...

ක්‍රීඩා සමාජ ලෝක කුසලානය දිනූ එංගලන්තයේ චෙල්සි කණ්ඩායමට රුපියල් බිලියන 38ක දැවැන්ත ත්‍යාග මුදලක්.

මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් විය.අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනාගත්තේය.චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.අවසන් මහා තරගය නිව්යෝර්ක් හි MetLife Stadium ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද (14) අලුයම අවසන් විය.මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයන් සදහා පිරිනැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමට අවස්ථාව උදාවිය.එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජයගැනීමේ දී ද අ.ඩො.මි. 89.5ක ත්‍යාග මුදලකට හිමිකම් කියා සිටියේය.ඒ අනුව ඔවුන්ට අ.ඩො.මි. 129.5ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකිවිය.ඔවුන් දිනූ මුදලේ මෙරට වටිනාකම රුපියල් බිලියන 38කට අධිකය. PSG කණ්ඩායම මෙම තරගය ක්‍රීඩාකරන විට අ.ඩො.මි. 107.7කට හිමිකම් කියා සිටියේය.ඔවුන්ට ශූරතාව දිනාගැනීමට හැකිවූවානම් ත්‍යාග මුදල අ.ඩො.මි. 147.7ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබුණි. එම මුදලේ මෙරට වටිනාකම රුපියල් බිලියන 44කට අධිකය.ඉකුත් ජුනි 14වනදා ආරම්භ වූ මෙම තරගාවලියට ලොව පුරා පාපන්දු කලාප 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් සහභාගි විය.අවසන් මහා තරගය නැරැඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img