Wednesday, October 28, 2026
HomeNEWSකාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය මැඩලීම සඳහා ජනතා සහය සෞඛ්‍ය අංශ වෙත ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

ඒ අනුව සෞ‍ඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් ඒ ආකාරයෙන් පිළිගැනීම සියලුදෙනාගේම වගකීම වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැල්කම් කාදිනල් හිමිපාණෝ සඳහන් කළෝය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමි,

“කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අපේ නිලධාරී මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් සියලුදෙනාටම අපි ඒ විදියට ස්තූතිවන්ත වෙමින්, ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපඳින්නට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් ඉෂ්ට කිරීමට කැපවෙමු.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img