Monday, September 14, 2026
HomeNEWSකාන්තාවන් ගැන අනාවරණයක්

කාන්තාවන් ගැන අනාවරණයක්

රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය නොමැතිවීම වැනි කාරණා නිසා මෙරට කාන්තාවන්ට රැකියාවකට යාම ගැටලුවක් වී ඇති බවද එම ආයතනය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය විය.

කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් බොහෝ පිරිසකට රැකියාවන් සඳහා යොමුවීමට සිදුවී ඇති බවය.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ආයතනික ප්‍රතිපත්ති නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජයේ පවතින දැඩි සම්මතයන් සහ ස්වාමියාගේ සහාය නොමැතිවීම වැනි හේතු නිසා කාන්තාවන්ට රැකියාවක නිරත වීමට බාධා පවතින බවද මෙහිදී අනාවරණයවී ඇත.

කාරක සභාව අමතමින් වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු ළමාරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව කමිටුව විසින් සොයා බලන බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලද සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මෙහිදී සාකච්ඡාවට ගන්නා ලදී.

ඉදිරිපත් කර ඇති යෝජනා පුළුල් බැවින්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය විය.

තවද, කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත යන යෝජිත පනත් කෙටුම්පත්වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

ඒ අනුව එම පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

තවද, 2023 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට අදාළ කෙටුම්පත මාර්තු 08 වන දින එළිදැක්වීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත.

මහාචාර්ය ජී. එල්. පීරිස්, එරාන් වික්‍රමරත්න, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රශාන්ති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මෙන්ම අදාළ ආයතනවල නියෝජිතයන් පිරිසක් ද මෙම රැස්වීමට එක්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img