කාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් උද්ඝෝෂණයක …නිවසේ, කාර්යාලයේ මෙන්ම මහමග හා පොදු ප්‍රවාහන සේවාවන් වලදී කාන්තාව හිංසනයට ලක්වන බවත්. ඒ සම්බන්ධයෙන් හඩක් නැගීමට නූතන කාන්තාව ශක්තිමත් වියයුතු බවත් පවසමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක සේවිකවෝ විසින්, සමගාමීව උද්ඝෝශණයක නිරත විය.අද (10) දින, සිය දිවා ආහාර වේලාව තුළ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය ඇතුළු ආයතනයේ සේවක පිරිස් විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙසේ කාන්තා හිංසනයට විරෝධය පළකිරීමට එක්වූහ.නූතන සමාජය තුළ කාන්තාවට අත්විඳීමට සිදුවන නොයෙක් හිංසනයන් ඉදිරියේ, බොහෝ කාන්තාවන් ලැජ්ජාව හෝ බිය හේතුවෙන් නිහඩව සිටින බවත්, ඒ හේතුවෙන් මෙම හිංසන තත්ත්වයන් වර්ධනය වන බැවින්, විශේෂයෙන් කාන්තාවන් තමන්ට හෝ වෙනත් කාන්තාවකට සිදුවන හිංසන ඉදිරියේ නිහඩ බව බිඳිමින් විරෝධය දැක්වීමට ශක්තිමත් වියයුතු බවත් මෙම උද්ඝෝශණයට සහභාගී වූ අය අදහස් දැක්වූහ.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

























