කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා….
කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත් ගොවීන් යොමු කරනවා…..
දේශීය බීජ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා……
– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළියේoS
කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කර කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත් ගොවීන් යොමු කරවන වැඩපිළිවෙළක් සකසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බීජ සහ පැළ නිෂ්පාදනය කිරීම සඳහා දේශීය බීජ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අදහස් lr ඇති බව ද අද (2020.07.26) නුවරඑළිය සිනෙසිටා ශාලාවේ පැවැති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
විශ්ව විද්‍යාලවල කෘෂි පීඨ, රජයේ ගොවි පර්යේෂණ ආයතන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහාය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
නුවරඑළිය කෘෂි ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් jk එළවළු අස්වනු ගබඩා කිරීමේ පහසුකම් සහිත ගබඩා සංකීර්ණ ඉදිකරමින් අතිරික්ත එළවළු නිෂ්පාදනය කළමණාකරණය කිරීමද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක වගකිමක් ලෙස සැලකේ.
රටේ සමස්ත එළවළු අවශ්‍යතාවෙන් සියයට තිස්පහක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් ද ඇතුළුව සමස්ත ගොවින් සඳහා මේ වන විටත් සියයට හැටක කෘෂි පොහොර සහනාදාරයක් රජය විසින් ලබා දී ඇතැයි ද සිහිපත් l< අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළින් පෙන්වා දී ඇති කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහන ඉදිරියේ බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයක් විසින් ක්‍රියාත්මක කරන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, හිටපු අමාත්‍ය සී. බී රත්නායක මහතා සහ ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත්ව සිටින අපෙaක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.






















