කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් වැඩ අරඹති
පසුගියදා පත්වීම් ලැබූ තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් අද (17) සිය අමාත්‍යාංශ වල වැඩ බාර ගත්හ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඔහුට හිමි අමාත්‍යංශවල වැඩ බාරගැනිම සිදු කළේය.
ඒ අනුව මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශවල වැඩ භාර ගැනිම අද පෙරවරුවේ සිදුවිය.
මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහ සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ එම අමාත්‍යංශයේදි වැඩ භාර ගත්තේය.
ඉන් අනතුරුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි සිය ධූරයේ වැඩ ඇරඹීය.
එම අවස්ථාවේදිම ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.
කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාශයේදී අද ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී අද වැඩ බාරගත්තේය.
බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාශයේදී අද රාජකාරි ආරම්භ කළේය.
දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද වැඩ භාරගනු ලැබුවේ මරදානේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී ය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා රාජකාරි ආරම්භ කළේ නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී ය.






















