පසුගියදා (10) කැළනිය නාරම්මිනිය පුංචි කැළනිය අශෝකාරාම විහාරස්ථානයේ සංඛ පත්ම දේව ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශයඅපි මේ රටේ පුරවැසියන් හැටියට කුමන මතවල සිටියත් ශ්‍රී ලාංකික බෞද්ධයින් ලෙස අපි ඉතා කල්පනාවෙන් වැඩකළ යුතුව තිබෙනවා. මම එහෙම කියන්නේ. මම පූර්ණකාලීන දේශපාලනඥයෙක්. මම වෙනත් වෘත්තියන්වල නියැලුණු කෙනෙක් නෙමෙයි. මට රට තුළ සහ රටින් පිට සිදුවන දේශපාලන වෙනස් වීම් පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අපි මේ බෞද්ධ දර්ශනය රැකගත යුතුයි. එය කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. නමුත් එය ඉතාම අමාරු වැඩක්. අපේ රටේ තිබෙනවා ලෝකයේ තිබෙන විශාලතම චෛත්‍යාණන් වහන්සේ. ඒ තමයි ජේතවනාරාමය. එය ලෝකයේ තිබෙන ඓතිහාසිකම භූමියක් ලෙස අපිට හඳුන්වන්න පුලුවන්. මෙතන ඉන්න බෞද්ධයින් ජේතවනාරාමය තිබෙන භූමියට ගිහින් තිබෙනවා නම් ඒ ගැන සාක්ෂි දරයි. මෙවැනි බෞද්ධ පරිසරයක් තිබෙන රටේ, අපි බෙදිලා, අපි වෙන් වෙලා බෞද්ධයින් ලෙස කුලල් කා ගන්නවා. බෞද්ධයෝ බෞද්ධයින්ට පැමිණිලා කරනවා. මිනිසුන් උප්පත්තියෙන් වැරදි කරනවා. ඒවා පාලනය කරන්න නීතී තිබෙනවා. නමුත් මේ නීතීවලට කලින් තමයි බෞද්ධ දර්ශනය ඔස්සේ වැරදි පාලනය කරලා මිනිසුන් යහමගට ගෙනත් තිබෙන්නේ. ජනතාව බෞද්ධ දර්ශනය අනුව හැඩ ගැසුණා. පසුකාලීනව ලෝකයේ දියුණුවත් සමග නීතිරීතිවලින් මහජනතාව පාලනය කරන්න පටන් ගත්තා. ඒ නිසා මෙතන ඉන්න අය වගේම රටේ සමස්ථ මහජනතාව කල්පනා කරන්න ඕන, ආණ්ඩු එනවා, ආණ්ඩු යනවා. ඒ ආණ්ඩු පත්කිරීමත්, ඒවා ගෙදර යැවීමත් ඔබේ අයිතියක්. ඒ කොහොම නමුත් රට තුළ ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය රැකගැනීම ඉතාම වැදගත්. අපිට මන්ත්‍රී කමකට වැඩිය ඓතිහාසික බුදුදහමත්, රටත් වැදගත්. විවිධ අය විවිධ විදිහට හිතන්න පුලුවන්. නමුත් අපිට වැදගත් මන්ත්‍රී ධූරයක් නෙමෙයි. අපි හැමදාමත් හිටගන්නේ හරි තැන මිස සෙනඟ ඉන්න තැන නෙමෙයි. මම ඒ දෙය බෞද්ධයෙක් හැටියට ප්‍රකාශ කරනවා. අපි අද මේ ඉන්න කැළණිය, එහෙමත් නැති නම් බුදුන් වැඩි මහා පින්බිම විනාශ වුණාම එය නැවත පුදබිමක් බවට පත් කළේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පරම්පරාව. ඒ පරම්පරාව එදා සතුන් ලගින තැනක් බවට පත්ව තිබුණු කැළණිය රජ මහා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරලා ඔබට වඳින්න පුදන්න පුලුවන් තැනක් බවට පත් කළා. මේ ගැන බෞද්ධ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ නිසා ඔබ ශ්‍රී ලාංකිකයින් හැටියටත්, ශ්‍රී ලාංකික බෞද්ධයින් හැටියටත් ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුයි. මීට අවුරුදු දහස් ගණනකට එහා ඉදන් තමයි අපේ බෞද්ධ රාජ්‍යයත්, බෞද්ධ දර්ශනයත් නැති කරන්න ලෝකයේ තිබුණු විවිධ බලවේග ක්‍රියා කළේ. නමුත් අතීතයේ සිටම අපි ඒවා පරාජය කළා. ඉදිරියටත් අපි ඒවා පරාජය කරන බවට අධිෂ්ඨාන කර ගතයුතු බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මැතිතුමා ඇතුළු බැතිමතුන් විශාල පරිසක් සහභාගී වී සිටියහ.එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය



























