Monday, November 9, 2026
HomeNEWSකැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අග්‍රමාත්‍යවරයාගෙන් උපදෙස්.

කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අග්‍රමාත්‍යවරයාගෙන් උපදෙස්.

කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අග්‍රමාත්‍යවරයාගෙන් උපදෙස්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී, පසුගියදා පැවති ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද එක්වූ මෙම සාකච්ඡාවේදී, අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුවට පැමිණෙන විට, අවිස්සාවේල්ල – කොස්ගම අතර පමණක් 4 වරක් මහාමාර්ගය හරහා ගමන් කරන බවය.

එමනිසා මෙම මහාමාර්ගය හරහා ගමන් කිරීම නැවැත්වීමෙන් මාර්ග තදබදය අඩුකරගෙන, වෙලාව ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ සඳහා එක පැත්තකින් දුම්රිය මාර්ගයත් අනෙක් පැත්තෙන් මහා මාර්ගයත් දිවෙන අයුරින් සකස් කළ නොහැකිදැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළේය. නව සංකල්ප වෙත යොමුවන ලෙසත්, සංවර්ධනය මහජනතාව වෙත ළඟා කරන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අවිස්සාවේල්ල සිට පැමිණෙන විට මහාමාර්ගය හරහා යන පළමු හරස් මාර්ග දෙක වන කිරිවන්දල හා පුවක්පිටිය, අපහසුවකින් තොරව ඉවත් කිරීමට හැකියාව ඇති නිසා ඒ සඳහා ප්‍රමුඛතා කටයුත්තක් ලෙස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පැවසුවේ, කැලණි වැලි සඳහා තවත් දුම්රිය මාර්ගයක් එක්වනවා නම් පැය 3ක් වන දුම්රිය ගමන පැයක් දක්වා අඩුකරගත හැකි බවත් ඉන්ධන ඉතිරි කරගත හැකි බවය. දීර්ඝ කාලයක් තිස්සේ පමාවී ඇති සංවර්ධන කාර්යයක් වන කැලණි වැලි දුම්රිය මාර්ගය දියුණු කිරීම මෙම අවස්ථාවේ ඉටු කර ගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතාද , මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන නියෝජනය කරමින් ඉහළ නිලධාරීහුද සහභාගි වූ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා හා සීතාවක ප්‍රාදේශීය ලේකම්වරියද ඇතුළු සිතාවක මහජන නියෝජිතයෝද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img