සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හික්කඩුව, තිරානගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඌරගහ චමිල් ප්රියාංග නොහොත් “කුඩු සුරංග“ නමැති එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්රෑම් 05 මිලි ග්රෑම් 100ක් තිබු බව පොලීසිය පැවසීය.
අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු හික්කඩුව සංචාරක පුරවරයට මත් කුඩු බෙදාහරින අයෙකු බවට හඳුනාගෙන තිබේ.
සැකකරු අද (28) ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






















