Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකුමන්ත්‍රණ වලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත

කුමන්ත්‍රණ වලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත

කුමන්ත්‍රණ වලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත

එළඹෙන මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක්‍රියාවට නංවා තිබේ .එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවකි .පසුගිය ඉතිහාසය පුරාම පක්ෂයේ නායකයින් ක්‍රියාකාරීන් සාමාජිකයින් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට නෙරපා හැරීමට හෝ පක්ෂය හැර යෑමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අද වන විට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සෘජුවම දායක වී සිටී .
සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ සහය දක්වනු ලබන පලාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩිල් දේශපාලනය යළිත් තහවුරු කිරීමකි .
සිය දේශපාලනය තුළ පක්ෂ සාමාජිකයින් පලවා හැරීමත් නෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවමින් දශක තුනකට වැඩි කාලයක් ජය ග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වන දා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img