Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsකුරුණෑගල තැපැල් සේවකයින් 14කට කොවිඩ් - දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතී

කුරුණෑගල තැපැල් සේවකයින් 14කට කොවිඩ් – දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතී

කුරුණෑගල තැපැල් සේවකයින් 14කට කොවිඩ් – දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු තාවකාලිකව නවතී

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යාල සාමාජිකයින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදීම් රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත ගොස් ඇති බැවින් සෞඛ්‍ය උපදෙස් මත දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් හා උපතැපැල් කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම තැපැල් සේවා කටයුතු අත්හිටුවා ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීම් කටයුතු ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන අතර ඒ සඳහා විකල්ප වැඩපිළිවෙලක් වයඹ පළාත් ප්‍රධාන ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද තැපැල්පතිවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img