කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානී සිදුකිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ වරේන්තුව ලබාගෙන ඇති බවය.
මෙලෙස වරේන්තු නිකුත්කර ඇත්තේ, කුරුණෑගල නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකුටය.






















