Sunday, November 15, 2026
HomeNEWSකුරුවිට බන්ධනාගාර අධිකාරිව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැරයන්වරයා

කුරුවිට බන්ධනාගාර අධිකාරිව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැරයන්වරයා

කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතාව වෙනත් බන්ධනාගරයේ රැඳවියෙකුගේ මාර්ගයෙන් ඝාතනය කිරීමට එහි සැරයන්වරයෙකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවට කුරුවිට පොලීසිය රත්නපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.

කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට බන්ධනාගාර සැරයන්වරයා කුමන්ත්‍රණය කර ඇත්තේ වෙනත් බන්ධනාගාරයක් තුළ සිටින පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ රැඳවියෙකු මාර්ගයෙනි.

හොරොයින් ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අදාළ සැරයන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයට මේ වනවිටත් ස්ථානමාරු කර සිටින අයෙක් බව පොලීසිය පවසයි.

අදාළ සැරයන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේ අභ්‍යන්තර සේවාවලින් ඉවත් කර එළිමහන් රාජකාරියට යෙදවීම හා ඔහු විසින් බන්ධනාගාරය තුළ සිදුකරන ලද විවිධ විෂමාචාර සිද්ධීන් වැළැක්වීම හේතුවෙන් බන්ධනාගාර අධිකාරීවරයා සමඟ උරණ වී මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට කරුණු හෙළි වී ඇතැයි පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල ක්‍රියාකාරියෙකු වන තිලංග රෝහිත රාමනායක නොහොත් රාමනායක සුද්දා නැමැත්තා යොදාගනිමින් සැකකාර සැරයන්වරයා මෙම ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවා ඇති බව කුරුවිට පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

“රාමනායක සුද්දා” නැමැති පාතල නායකයාගේ ගෝලයන් දෙදෙනකු වන සම්පත් සහ දිනේෂ් නමැති පුද්ගලයින් යොදාගෙන මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පොලීසිය අධිකරණයට ඉඳිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව මේ වන විට කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින රාමනායක සුද්දා නැමැත්තාගෙන් කුරුවිට පොලීසිය ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර දින 3 ක් ඇතුළත කරුණු වාර්තා කිරීමට බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයෙක් පත් කළ බව බන්ධනාගාර පරාපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.

මේ අතර පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත හෙරොයින් මිලි ග්‍රෑම් 800 ක් සමඟ කාන්තාවක් සහ ඇයගේ ස්වාමිපුර්ෂයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෝස්තර නිරූපණ ශිල්පිනියක වශයෙන් සේවය කරන අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මකව හෙරොයින් අලෙවි කරන පුද්ගලයින් දෙදෙනෙකු උපායදූතයෙකු මාර්ගයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 400 ක්, ජංගම දුරකතන 6 ක් සහ රුපියල් පන්දහසක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 720 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (18) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පලමු සැකකරු දෙහිවල ඕබන් පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව අනෙත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරු 34,35 සහ 21 වයසුවල පසුවන මෙම සැකකරුවන් දෙහිවල ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවිකිරීමේ ජාවාරමේ නිරතවූවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක්, පවුම් 6 ක රන් භාණ්ඩ, ජංගම දුරකථන 6 ක් සහ මත්ද්‍රව්‍යවල බර කිරීම සඳහා භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

ගාල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් ඊයේ ගාල්ල, වැකුණගොඩ, වටරැක යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හොරොයින් සහ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් කාන්තාවක්ද ඒ අතර සිටින අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 540 ක් සහ කේරළ ගංජා මිලි ග්‍රෑම් 11,000 පොලිස් භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img