Friday, September 4, 2026
HomeNEWSCOVID-19කුලියාපිටියෙන් කොරෝනා ආසාදිතයින් 25ක්

කුලියාපිටියෙන් කොරෝනා ආසාදිතයින් 25ක්

කුලියාපිටියෙන් කොරෝනා ආසාදිතයින් 25ක්

කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.

ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇත.

කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල සංකල්ප ගුණසේකර මහතා පැවසුවේ ප්‍රදේශයෙන් අද (20) දිනයේ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

එම සියලුම ආසාදිතයින් කුලියාපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගොස් පුජාවකට සහභාගි වු පිරිසක් බව මේවන විට අනාවරණය වී ඇත.

එම නිසා මෙම ආසාදිතයින්ගේ අශ්‍රිතයින් විශාල පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන් සහ නිළධාරීන් සමඟ මෙවන විට හදිසි සාකච්ඡාවක් පවත්වන බවත් වෛද්‍යවරයා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශය පුරාම, නගරයෙන් සහ ඒ අවට ගම්මානවලින් මෙම ආසාදිතයින් වාර්තා වන බවත් හම්බලව, ඌරුපිටිය, ගයියාල, බොහිංගමුව සහ ගලගෙදර යන ප්‍රදේශවලින්ද ආසිදිතයින් වාර්තා වන බව වෛද්‍යවරයා පැවසීය.

අවධානම් තත්ත්වයක් පවතින බැවින් ගතයුතු සියලුම ආරක්ෂක පිළිවෙත් ගැනීමට කටයුතු කර ඇති බව වෛද්‍යවරයා සඳහන් ක‍ළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img