කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රියෙන්
කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එළවළු, පලතුරු හා පොහොර දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය පිළිබඳ අවධානය යොමුකරමින් දුම්රිය මඟින් ප්‍රවාහන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“අපේ අවදානය දුම්රියෙන් එළවළු, පොහොර, පලතුරු ප්‍රවාහනය කරන්න. මේ සඳහා අපි සාකච්ඡා වට ගණනාවක් තියනවා. විශාල ඉතුරුවක් කරන්න පුළුවන්. අපි ‘ලොජිස්ටික් ට්‍රේන්‘ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. භාණ්ඩ ප්‍රවාහනයට පමණක් සීමා වුණ දුම්රිය අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට පොහොර ප්‍රවාහනයට මිලියන 648ක් යනවා. අපි කෝච්චියේ ගියොත් යන්නේ මිලියන 125යි. පොහොර ඔක්කෝම බෙදන්නේ කොළඹ වරායේ අය. වරායට මොනතරම් නැව් එනව ද ? මොන තරම් හිරවීමක් තියෙනවා ද කොළඹ. නමුත් කොච්චියේ අපිට කෙලින්ම නැවෙන් බෑවා කෝච්චියෙන් අනුරාධපුරයට යැව්වා. අපිට පහසුයි. ලොරි යවන්න අවශ්‍ය නෑ. ප්‍රවාහනයට යන වියදම් අවශ්‍ය නෑ. දුම්රිය අද මගීන්ට පමණක් සීමා වෙලා. නමුත් දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනයට අපි ප්‍රමුඛස්ථානයක් දියයුතුයි.“






















