Tuesday, September 1, 2026
HomeNEWSගවයන් අතරත් වෛරස් රෝගයක්

ගවයන් අතරත් වෛරස් රෝගයක්

ගවයන් අතරත් වෛරස් රෝගයක්

ගවයන් අතර පැතිර යන චර්ම වෛරස් රෝගයක් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ප්‍රදේශ කිහිපයක පශු වෛද්‍යවරුන් සඳහන් කළේය.

සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු සත්වයන්ගේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

මෙම රෝගය මැස්සන් මගින් පැතිරෙන රෝගයක් බවට හඳුනාගෙන ඇති බව පොළොන්නරුව පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසුවේය.

ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා,

“ගොවීන් කිහිපදෙනෙක් මට සතුන්ට ගෙඩි තියෙනවා කියලා මට පණිවිඩයක් දුන්නා. මම ඒ ප්‍රදේශයේ සත්තු නිරීක්ෂණය කරා කේෂ්ත්‍රයට ගිහින්. එහිදී මට දැනගන්න ලැබුණා මේ ලෙඩේ අපේ පළාතට අලුත් සහ අපි දන්නා පරිදි ලංකාවට මේක අලුත් ලෙඩක් කියලා. මැස්සෝ විදපු තැන්වලින් මේ ගෙඩි එනවා කියලා තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ. අපි සැක කළේ මේක ලම්පිස්කින් ඩිසීස් කියලා. අපි ඒකට අවශ්‍ය කළමනාකරණය කරන දේවල් අපි කරා. අපි ඒ ගෙඩි අඩුවෙන්න, ඉදිමුම අඩුවෙන්න ප්‍රතිකාර කරපු එක. ඊට අමතරව මේක පැතිරෙන්නේ කෘමීන් මඟින්. විශේෂයෙන් මැස්සෝ. ඒ නිසා ගොවීන්ට උපදෙස් දුන්නා මැසි මඳුරු උවදුර පාලනයට කළ හැකි දේ කරන්න.“

සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ මෙය  “ලම්පිස්කින් ඩිසීස්“ යන චර්ම රෝගය බවට හඳුනාගෙන ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා,

“ලේ උරාබොන මැස්සන්ගෙන් තමයි මේ රෝගය බෝ වෙන්නේ. මේ රෝගය ලංකාවට ආගන්තුක රෝගයක්. ලංකාවේ මීට ඉස්සෙල්ලා දැකලා නැති රෝගයක්. ලංකාවේ මේ රෝගය වාර්තා වුණේ ‍2020 සැප්තැම්බර් මාසයේ. මේ වෛරසය මඟින් ගොඩක් වෙලාවට අපිට දක්නට ලැබෙන ප්‍රධානම දේ තමයි සතුන්ගේ සෑම තැනම ගැටිති හට ගන්නවා. ඒ වගේම මේ සතුන්ගේ උණ හටගන්නවා. නාසයෙන් හා ඇස්වලින් ස්‍රාවයන් හට ගන්නවා. මේ සත්තු කෑම ගන්නේ නෑ කියන්නේ, කිරි ගන්න සතෙක් නම් කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යනවා. මේ රෝගය ලම්පිස්කින් ඩිසීස් කියන රෝගය බවට හඳුනා ගත්තා. මේ වන විට සියලුම කටයුතු යොදලා තියෙනවා මේ රෝගය බෝ වීම පාලනය කරන්න.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා අතර හමුවක් ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති...

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img