Tuesday, September 1, 2026
HomeNEWSහැකිනම් අත්අඩංගුවට අරන් පෙන්වන්න - අසාද් සාලි

හැකිනම් අත්අඩංගුවට අරන් පෙන්වන්න – අසාද් සාලි

හැකිනම් අත්අඩංගුවට අරන් පෙන්වන්න – අසාද් සාලි

හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අභියෝගයක් කළේය.

ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට අද ප්‍රතිචාර දක්වමිනි.

කෝවිඩ් දේහ භුමදානය කරන්නේද? ආදාහනය කරන්නේද? යන්න සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව පසුගිය ඉරිදා කැඳවූ මාධ්‍ය හමවුකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අද දිනයෙත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

“අසාද් සාලිව වහාම අත්අඩංගුවට ගන්නලු. මොන රෙද්දකට ද? අසාද් සාලිව අත්අඩංගුවට ගන්නකෝ. විමල්ට අභියෝගයක් අසාද් සාලිගෙන්. මේ මරණයක් උස්සගෙන දේශපාලනය කරනවා.” යනුවෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා එහිදී පැවසීය.

මේ අතර මාධ්‍ය හරහා ජාතීන් අතර වෛරය ඇතිවන තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමට අදාළව අසාද් සාලි මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ සභාපති මනෝජ් ගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේ “අසාද් සාලි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් කරනු ලැබුවා. තර්ජනාත්මක ප්‍රකාශයක්.” යනුවෙනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් සහෝදරයා අතර හමුවක් ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති...

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවම්

දූෂණ චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය විසින් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරයි.

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී සමුගැනීමට යයි

ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව අජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ප්‍රකාශ කරයි - විදෙස් මාධ්‍ය

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img