Monday, November 9, 2026
HomeNEWSකොටදෙනියාවේ මැර පවුල ගැන පොලීසියෙන් දැනුම්දීමක්

කොටදෙනියාවේ මැර පවුල ගැන පොලීසියෙන් දැනුම්දීමක්

සිවුරු පොරවාගත් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් නිවසකට ඇතුළුවී එහි සිටි අඹු-සැමි යුවළක් කඩුවලින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිලක් පසුගිය 15 වනදා පොලීසිය ලැබී තිබුණි.

ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයට කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේ නිවසකින් ලැබී තිබූ ඇමතුමකට අනුව එහි ගිය අවස්ථාවේදීය.

ඒ මොහොතේ ජංගම මුර සංචාරයේ නිරතවී සිටි පොලිස් කණ්ඩායමක් අදාළ නිවසට ගිය අවස්ථාවේදී සැකකරුවන් ප්‍රදේශය මගහැර පළාගොස් තිබුණි.

එම නිවසේ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ, සිවුරු පොරවාගත් දෙදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් බීමත්ව කඩු හා මන්නා පිහි රැගෙන නිවසට ඇතුළුවී නිවසේ එම අවස්ථාවේ සිටි අසල්වැසි නිවසක පදිංචි අඹු සැමි යුවළක් කඩුවලින් කපා තුවාල සිදුකළ බවය.

තමාගේ දුවටද සැකකරුවන් පහරදීමට තැත් කළ බව ඇය පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ එම සිදුවීමත් සමග ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් වී පිරිසක් සැකකරුවන්ගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවය.

ඒ අනුව අදාළ සැකකරුවන් වත්තේමුල්ල ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී පසුගිය 16වනදා අලුයම් කාලයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි.

පොලීසිය සඳහන් කරන්නේ එම සැකකරුවන් දෙදෙනා චීවරධාරීන් වන අතර ඔවුන් වත්තේමුල්ල, බාදුරුගොඩ ලිපිනයේ පිහිටි නිවසට වරින්වර පැමිණ බීමත්ව ප්‍රදේශවාසීන්ට බැණ වදිමින් හිරිහැර කරන බවට අනාවරණය වූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසියට අනාවරණය වී ඇත්තේ සැකකරුවන් ට විරුද්ධව සොරකම් කිරීම්, නිවාස බිඳීම් සම්බන්ධයෙන් නඩු පවතින බවය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධව අවශ්‍යව සිටි තවත් සැකකරුවෙක් අද (22) අලුයම පස්යාල ප්‍රදේශයේදී කොටදෙනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 24 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර කොටදෙණියාව ප්‍රදේශයේ අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරන් බවය.

ඔවුන් පදිංචි නිවස අල්කයිඩා නිවස යනුවෙන් හැඳින්වීමට ගම්වාසීන් පුරුදුවී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

එසේම මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් ලෙස හැඳින්වීමට මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.

එම සැකකරුවන් වරින් වර පන්සල්වලට ගොස් චීවරය පොරවාගෙන බෞද්ධ ස්වාමීන්වහන්සේලා ලෙස පෙනීසිටිමින් විටින්විට ගම් ප්‍රදේශයට පැමිණ කලහකාරී ලෙස හැසිරී ගම්වාසීන්ට හිරිහැර කිරීම් සිදුකරන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ හේතුවෙන් මාධ්‍ය දැනුවත් කර මෙම පවුල සිය ගම්මානයෙන් ඉවත්කර දෙන ලෙස ගම්වාසීන් පොලීසියෙන් ඉල්ලා සිටින බවත් පොලීසිය සඳහන් කළේය.

අල්කයිඩා යන නාමයෙන් මෙම පවුල හඳුන්වනු ලබන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පමණක් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img