කොටි මස් විකිණු තිදෙනෙක් අත්අඩංගුවට – අඹුසැමි යුවළකුත් ඒ අතර
මහනුවර, උඩුදුම්බර ප්රදේශයේදී කඳුකර කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් සහ මස් අලෙවි කිරීම සඳහා යොදාගත් ත්රීරෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
උඩදුමිබර පොලීසියට ලද තොරතුක් මත එම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
උඩදුමිබර, කලල්ගමුව ප්රදේශයේ දී ඌරන්ට ඇටවූ මන්දකට එම කොටියා හසුවී ඇති බව පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා විසින් මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ කාන්තාව ඔවුන් දෙදෙනාට සහය වී ඇති බව වාර්තා වේ.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (25) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















