කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 5දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි එක් අයෙකු සහ ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් දෙනෙක් මෙලෙස සුවය ලබා ඇති බවය.
ඒ අනුව 3070 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 198 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ය.






















