Thursday, September 3, 2026
HomeNEWSCOVID-19කොරෝනා වෛරසය රැඳී පැවතිය හැකි ස්ථාන

කොරෝනා වෛරසය රැඳී පැවතිය හැකි ස්ථාන

කොරෝනා වෛරසය රැඳී පැවතිය හැකි ස්ථාන

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිරය සහ මළනොබඳින ලෝහ මත දින 28ක කාලයක් නොනැසී පැවතීමේ හැකියාව කොවිඩ් වෛරසය සතු බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් එම පර්යේෂණය සිදුකර තිබේ.

මීට පෙර අනාවරණය වී තිබුණේ මුදල් නෝට්ටු සහ වීදුරු මත කොවිඩ් වෛරසයට පැවතිය හැක්කේ දින 3ක කාලයක් පමණක් බවය.

එමෙන්ම ප්ලාස්ටික් සහ මළනොබැඳෙන ලෝහ මත වෛරසයට දින 6ක් පැවතිය හැකි බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ, මේ ආකාරයෙන් වෛරසයට පැවතිය හැක්කේ ප්‍රශස්ත තත්ත්වයන් යටතේදී පමණක් බවය.

ශීත කාලගුණික තත්ත්වයන් යටතේ වෛරසයට වඩාත් පහසුවෙන් වර්ධනය විය හැකි බවද මේ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

වඩාත් උණුසුම් කාලගුණයක් පවතින විට වෛරසයට පැවතිය හැකි කාලය සීමා වෙන බව සඳහන් කරන විද්‍යාඥයින් පවසන්නේ අධෝරක්ත කිරණ බලපෑම යටතේ වෛරසය වහාම විනාශයට පත්වන බවය.

කෙසේ නමුත්, කිවිසීමේදී, කැස්සකදී හෝ කතා බහක නිරතවෙද්දී මිනිසාගෙන් මිනිසා වෙත වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩිම සම්භාවිතාවක් පවතින බවද එම විද්‍යාඥයින් කණ්ඩායම පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img