කොවිඩ් ආසාදිතයින් 169ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පැවසුවේ එම හඳුනාගත් පිරිසෙන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 151දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවත්ය.
ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 443කි.
එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 8,709කි.






















