Sunday, October 25, 2026
HomeNEWSCOVID-1924වැනි කොවිඩ් මරණය වාර්තා වේ

24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

24වැනි කොවිඩ් මරණය වාර්තා වේ

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ (03) සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස අද (04) හඳුනාගත් බවත්ය.

එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත.

එම රෝගීයා මියයාමට ආසන්නම හේතුව වශයෙන් කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 24 වන කොවිඩ් -19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී සිදුවූ ඇද වැටීමකින් හිසට සිදු වී ඇති බරපතළ හානි සහිතව පසුගිය 02 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු ඊයේ (03) මියගොස් තිබේ.

අද (04) දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයා ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

කෙසේ වුවද මිය යාමට බලපෑ ආසන්නතම හේතුව අනුව එම මරණය කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img