කොවිඩ් ආසාදිතයින් 5ක්
මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද (30) සවස 3 වන විට තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඕමානයේ සිට පැමිණි සිව්දෙනෙක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,379 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව ආසාදිතයින් 136 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
මේ අතර ගත වූ පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා නොමැති අතර මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3230 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.






















