Sunday, September 20, 2026
HomeNEWSකොවිඩ් ගැන සෞඛ්‍ය අංශයෙන් නැවතත් අනතුරු ඇඟවීමක්

කොවිඩ් ගැන සෞඛ්‍ය අංශයෙන් නැවතත් අනතුරු ඇඟවීමක්

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය.

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබේ.

ඉන් ශ්‍රී ලංකාවට පවතින බලපෑම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා නොවේ කියන එක මේ මොහොතේ මතක තබාගත යුතුයි. එයින් වැළකීමට කළ හැකි හොඳම දේ අපි මෙතෙක් කරගෙන ගිය සෞඛ්‍ය පුරුදු ඊටත් වඩා හොඳට ඒ ආකාරයෙන්ම සිදුකිරීම.”

මේ වන විට දෛනිකව මෙරටින් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු පමණ වාර්තා වන නමුත් සැකසහිත සියලු රෝගීන් පරීක්ෂා කිරීම් සිදුනොවීම හේතුවෙන් සමාජයේ යම් රෝගීන් සංඛ්‍යාවක් සිටිය හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ද පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img