Sunday, September 20, 2026
HomeNEWSවිගණන වාර්තාවකින් එළියට ආ තවත් මුදල් නාස්තියක්

විගණන වාර්තාවකින් එළියට ආ තවත් මුදල් නාස්තියක්

ව්‍යාපෘති සඳහා ලබාදුන් ණය මුදල් නිසි කලට නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් ණය ලබාදුන් විදේශ ආයතනවලට බැඳීම් ගාස්තු ලෙස රුපියල් කෝටි 3,300කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි අනාවරණ වේ. 

මේ බව අනාවරණය වී ඇත්තේ, 2021 විගණන වාර්තාවෙනි.

විදේශ ණය ආධාර යටතේ 2014-2016 කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති වෙනුවෙනුය් මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුවී ඇත.

එය විදේශ මුදල් අනුව අමෙරිකන් ඩොලර් 93,175,883ක්, යූරෝ 1,328,347 ක් හා රෙන්ම්බින් යුවාන් 70,213,890ක් බව 2021 විගණන වාර්තාවේ දැක්වේ.

මෙම මුදල් ගෙවනු ලබන්නේ ණය වාරිකවලට අමතරව වන අතර, එසේ බැඳීම් ගාස්තු ගෙවීමට සිදු වූ ව්‍යාපෘති විවිධ හේතු මත 2020 වසර අවසන් වනවිට ද නිම කිරීමට නොහැකිව තිබූ බවද අදාළ ව්‍යාපෘතියේ සඳහන් ය.

විගණන වාර්තාවට අනුව මෙලෙස බැඳීම් ගාස්තු ගෙවීමට සිදුව ඇත්තේ, බෙලිඅත්ත සිට වැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට, නාගරික සෞඛ්‍යාරක්ෂණ සහ සනීපාරක්ෂණ මුල පිරීම් ව්‍යාපෘතියට, අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, ආනමඩුව ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හා විසල් මාලතේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබාදුන් ණය මුදල්වල ප්‍රයෝජනයට නොගත් මුදල් ශේෂය වෙනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img