Sunday, September 20, 2026
HomeNEWSජනාධිපති එන්න කියනකම් බලාගෙන ඉන්නේ -ජනක රත්නායක

ජනාධිපති එන්න කියනකම් බලාගෙන ඉන්නේ -ජනක රත්නායක

ජනාධිපතිවරයාගෙන් මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුනොවුණ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නයායක මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS” වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

“අපි බලාගෙන ඉන්නවා එතුමාට ගිහින් මේ ගැන පැහැදිලි කරලා දෙන්න.” යනුවෙන් ද ජනක රත්නායක මහතා එහිදී පැවසීය.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ කතාවක් සිදුකරමින් 
ජනාධිපතිවරයා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් සැර ප්‍රකාශයක් සිදුකළේය.

මේ අතර, විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ජනක රත්නායක මහතා පැවසීය.

“විදුලි කප්පාදුවක් සිදුකරනවා ද? විදුලි බිල වැඩිකරනවා ද කියන පදනම මත විදුලිබිල  සංශෝධනය කිරීමේ කිසිම හැකියාවක් නෑ. ඒක පුහු තර්කයක්. මේ අවස්ථාව වෙද්දි විදුලිය පැය 2යි විනාඩි 20ක් කපනවා. දැන් කරන්න ඕනේ සම්පූර්ණයෙන් ම විදුලිබලය දෙන්න ඕනේ. එතකොට කියන්න ඕනේ අපි දැන් විදුලිය දීලා තියෙන්නේ මෙන්න අපේ වියදම අයකර ගන්න ඕනේ කියලා. ඒක සාධාරණයි. මට හිතෙන්නේ මේක විහිළුවට කාරණාවක්. විදුලිබිල වැඩිකිරීමේ ක්‍රමවේදයක් පනතේ නෑ. මේ විද්‍යානුකූලව කරන්නේ.    “

අද දෙසැම්බර් 29  වෙනිදා. අද වෙනකල් කිසිම විදුලි බිල සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් තාම කෙරිලා නෑ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම ට මේ පිළිබඳ කිසිම තීරණයක් ගන්න බෑ. ඒ ක්‍රමවේදය ඒ යෝජනාව එන්න ඕනේ අපිට. ඒක කැබිනට් එකට දාන එක කිසිම ඵලයක් නෑ. මොකද ඒක නෙමෙයි ක්‍රමවේදය. මේක කැබිනට් එකට දානවා දානවා කියලා මහජනතාව බයකරන්න කරන්න හදනවා ද දන්නෙත් නෑ. ඒ ක්‍රමවේදය තියෙන්නේ යෝජනාවක් තියෙනවා නම්, එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. අපි තාමත් බලාගෙන ඉන්නවා තීරණයක් ගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img