Thursday, July 23, 2026
HomeNEWSකොවිඩ් දෙවන රැල්ල - කොළඹින් ආසාදිතයින් 10,000 පනී - ඊයෙත් 402ක්

කොවිඩ් දෙවන රැල්ල – කොළඹින් ආසාදිතයින් 10,000 පනී – ඊයෙත් 402ක්

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (03) දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 4 වන දින සිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,140කි.

ඊයේ (02) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 878ක් වාර්තා වු අතර, එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගැනුණි. 

කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආසාදිතයින් අටුලුගමින් වාර්තා වී ඇත.

මේ අතර, මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක්, පුත්තලමෙන් 29 ආදි ලෙස වාර්තා වී තිබේ.

ඊයේ ආසාදිතයින් වාර්තා වු ආකාරය පහතින් දැක්වේ.

අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 25,409ක් ලෙස වාර්තා වේ.

එයින් පුද්ගලයින් 18,303ක් පුර්ණ සුවය ලබා තිබේ.

මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 6,982ක් දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img