Thursday, July 23, 2026
HomeNEWSමහර බන්ධනාගාර ගැටුම - CIDය රැඳවියන්ගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාර ගැටුම – CIDය රැඳවියන්ගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාරයේ ඇති වූ  නෙසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ  සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, 

“ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රකාශ 26 ක් පමණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සටහන් කර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාර රෝහලේ සේවය කළ වෛද්‍ය නිලධාරීන් 8 දෙනෙකුගේ ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මීට අමරතව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු තවත් නිලධාරීන් 10 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මීට අමතරව බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර නැවත බන්ධනාගාර ගත කරන ලද රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කගෙන තිබෙනවා. ඒ අනුව සම්බන්ධ සම්පුර්ණ ප්‍රකාශ ගණන 26ක් වෙනවා. තවදුරටත් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම මේ සිද්ධියේ දී තුවාල ලැබු අයවලුන්ගේ ප්‍රකාශ, බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශ හා බන්ධනාගාරයට සිදුවු අලාභහානි පිළිබඳ තක්සේරු වාර්තා වගේම මේ බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට අමතරව යම් කෙනෙක් මොවුන්ව කුපිත කිරීමක්, කුමන්ත්‍රණය කිරීමක් හෝ කුමන්ත්‍රණයට අනුබලදීමක් කළා ද යන්න තවදුරටත් සිදුකළ යුතුව තිබෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img