Tuesday, April 28, 2026
HomeNEWSCOVID-19කොවිඩ් පරාජය කළා කියලා සහතික වෙන්න බැහැ -හමුදාපති

කොවිඩ් පරාජය කළා කියලා සහතික වෙන්න බැහැ -හමුදාපති

කොවිඩ් පරාජය කළා කියලා සහතික වෙන්න බැහැ -හමුදාපති

විදෙස් රටවල කොවිඩ්-19 වසංගත තත්ත්වය පහව ගොස් නොමැති බැවින් මෙරට කොවිඩ් තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කළ නොහැකි බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, පසුගිය අප්‍රේල් 30 වන දිනෙන් පසු දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් කොවිඩ්-19 රෝගියෙකු හඳුනාගෙන නොමැති බවය.

එහෙත් විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

“ රට තුළ ජීවත්වන ලාංකීකයන්ට සිද්ධවෙනවා තවදුරටත් ඉතාමත් පරිස්සමින් ජීවත්වෙන්න. එක සුළු වැරැද්දකින් සාමාජගත වීමට හැකියාව තියෙනවා. සෑම විටම කොවිඩ් සාමාජිකයෙක් තමන්ගේ ඉදිරියේ සිටින බව සිතාගෙන ආරක්ෂා සහිතව ජීවත් වෙන්න. රටේ ජනතාවට යම් විශ්වාසයක් ඇවිල්ලා ඇති රට කොවිඩ් පරාජය කළා කියලා. ඒක සහතිකයක් වෙන්න බැහැ. මේක වෛරසයක්. මේක කොයි වෙලාවක මතුවෙයි ද කියලා කිසිවෙකුටත් කියන්න බැහැ….“ යනුවෙන් ද  හමුදාපතිවරයා කියාසිටියේය.

මේ අතර ඊයේ (24) දිනයේ තුළ නව කොවිඩ් රෝගීන් හය දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2959 දක්වා ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව මාලදිවයින, සිංගප්පූරුව, ඉන්දුනීසියාව යන රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.

ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික වෙළෙඳ නාවිකයෙකු ද, කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට රෝගීන් 136 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන අතර රෝගීන් 2811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සඳහන්ය.

මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 296 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

දකුණු කොරියාවේ සහ කටාර්හි සිට මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව “අද දෙරණ“ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 275 දෙනෙකු සහ කටාර්හි සිට පුද්ගලයින් 21 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය.

මේ අතර අද දිනය තුළ පුද්ගලයින් 89 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව යෑමට නියමිතව තිබේ.

ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1780ක් සිදුකර ඇති අතර, මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ 208,397ක් සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img