Monday, November 9, 2026
HomeNEWSකොවිඩ් පාලනයට කළ යුතු දේ GMOA පවසයි

කොවිඩ් පාලනයට කළ යුතු දේ GMOA පවසයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, මේ වන විට යළිත් රට තුළ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බවය.

ඊයේ (27) දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතයින් 154 දෙනෙකු හඳුනාගැණුනු අතර පෙරේදා දිනයේ කොවිඩ් ආසාදිත මරණ 4ක් ද වාර්තා වුණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය වන අතර කොවිඩ් එන්නත ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

“දවසකට වාර්තා වන රෝගීන් ගණන අවුරුද්දකට පමණ පසුව දැන් 100 සීමාව ඉක්මවලා තියෙනවා. මරණ ගණනත් එහෙමයි. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. වළක්වා ගත හැකි මරණ නැවත සිදුවෙන්න පටන් අරන් තියෙනවා. අපි තාමත් ජීවත් වෙන්නේ කොවිඩ් එක්ක. සමහර රටවල 60% – 70%ක් වාර්තා වෙන්නේ අලුත් ප්‍රභේදය. මේ නිසා කරුණා කරලා අපි ඉල්ලනවා තුන්වෙනි හතරවෙනි මාත්‍රාව විශේෂයෙන්ම වැඩිහිටි ජනගහණය ඉදිරි කාලය තුළ එන්නත ලබාගැනීම ප්‍රමුඛ කාර්ය ලෙස ගන්න. දෙවැනි තුන්වෙනි රැල්ල එද්දි රටේ තිබුණ ආර්ථික ශක්තිය නෑ.. දේශපාලන ස්ථාවරත්වය නෑ. ජනතාවගේ තියෙන කැපවීම නෑ. සියල්ල නැති පසුබිමක තවත් රැල්ලකට මුහුණදීමට ඉතාම අමාරුයි. ඒ නිසා විදේශ විනිමය සීමාවෙලා අපිට ඩොලර් නැති වෙලාවක අපිට ඒ සම්පත් පිටරටින් ගන්න හැකියාවක් නැති තත්ත්වයක ඉදිරියට එන රැල්ල වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ ගත යුතු හොඳම තීන්දු තීරණ ගෙන ඉදිරියේ දී රට වැහෙන්නේ නැති විදියට ගත යුතු තීන්දු ගන්නා ලෙස අපි යෝජනා කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img