කොවිඩ් 19 පැමිණීමට පෙර පැවති තත්ත්වයටත් වඩා දියුණු තත්ත්වයකට සංචාරක ව්‍යාපාරය ගෙන ඒම රජයේ අපේක්ෂාවයි. ලෝක සංචාරක දින සැමරුම් දින උළලේ දී ඇමති ප්‍රසන්න රණතුංග කියයි.
කොවිඩ් 19 වසංගතය මෙරටට පැමිණීමට පෙර මෙරට තිබු තත්ත්වයටත් වඩා දියුණු තත්ත්වයකට මෙරට සංචාරක කර්මාන්තය ගෙන ඒම වත්මන් රජයේ අපේක්ෂාව බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් සහ ක්‍රියාත්මක වැඩසටහන් මේ වන විටත් සකස් කර අවසන් බවයි. කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව දිවයිනට සංචාරකයන් පැමිණීම ආරම්භ වීමෙන් පසු එම සැලසුම් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා මෙහි දී කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ මෙරට ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය ද පවත්වා ගෙන යාමට රජය සුදානම් බවයි.
අදට (27) යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දි පැවති උත්සවයේ දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක මණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබුණි. “සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය” මෙවර සංචාරක දිනයේ තේමාවයි.
මෙහි දී වැඩි දරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාමත් සුවිශේෂීක්ෂේත්රයක්. එය අපේ රටේ පුරවැසියන් මිලියන ගණනකට සෘජුහා වක්‍ර රැකියා අවස්ථා සපයනවා. සමාජයේ වැරදි අවබෝධයක්තිබෙනවා සංචාරක කර්මාන්තයට දායක වන්නේ සංචාරකහෝටල්, සංචාරක ගමනාන්ත ආයතන සහ සංචාරකමගපෙන්වන්නන් පමණක් කියලා, නමුත් සංචාරක කර්මාන්තයකියන්නේ ඊට වඩා පුළුල් ක්ෂේත්රයක්. එය අනෙකුත් කර්මාන්තරැසක් සමඟ බැඳී පවතිනවා. උදාහරණක් විදිහට ගත්තොත්සංචාරක හෝටල් වලට මාළු සපයන වෙළෙන්දත් මෙහිකොටස්කරුවෙක්. ඒවගේම ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රී රෝදරථ රියදුරත් මෙහි කොටස්කරුවෙක්. නුවර පෙරහැරේ නර්තනශිල්පීන්ද මෙහි කොටස්කරුවෝ. සංචාරකයෙක් අපේ තේකෝප්පයක් රස විඳිනවනම්, තේ දළු නෙලන පිරිස ද සංචාරකකර්මාන්තයට දායක වෙනවා. මේ අනුව තැඹිලි වෙළෙන්දන්, මැණික් සහ ස්වර්ණාභරණකරුවන් වගේම වන උද්‍යානවල, තල්මසුන් නරඹන ස්ථාන වැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන වලවැඩ කරන පිරිස්ද සංචාරක සත්කාරක නිවාස වල සේවය කරනඅයද සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙනවා. එනිසාසංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ඉතා පුළුල් පරාසයකවිහිදෙනවා. එය ආර්ථික වශයෙන් පමණක් නොවේ, සමාජීය, සංස්කෘතික, පාරිසරික වශයෙන්ද අපේ ජනතාවට වැදගත්.
සංචාරක ක්ෂේත්රය ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කටදායක වනවා. නමුත් ඇත්ත වශයෙන්ම විධිමත් ගණනය කිරීමකටලක් නොවන, මීට වඩා වැඩි අගයක් සංචාරක කර්මාන්තය තුලින්අපේ ආර්ථිකයට එක් වෙනවා. ඒවගේම මධ්‍යම සංස්කෘතිකඅරමුදල සහ වන සංරක්ෂිත දෙපාර්තමේන්තුව ලබන ආදායමෙන්විශාල කොටසක්ද සංචාරක කර්මාන්තයට අයත් වෙනවා.
වර්තමානයේ මුළු ලෝකයටම බලපා තිබෙන කොරෝනාවසංගතය හමුවේ, අපේ සංචාරක ව්‍යාපාරයත් අභියෝග රැසකට මුහුණ පාලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ අපේ ආණ්ඩුවේ දූරදර්ශී ක්රියාකළාපයන් හේතුවෙන් ලෝකයේ දියුණු රටවලටවඩා සාර්ථකව අපි මෙම වෛරසය පාලනය කිරීමට සමත් වුණා, ඒ නිසයි ලෝක සංචරණ සහ සංචාරක කවුන්සිලය (World Travel & Tourism Council) ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත ගමනාන්තයක් ලෙස නම් කළේ.
මෙවැනි අවිනිශ්චිත කාලයක් ඵලදායි ආකාරයට කළමනාකරණයකිරීම ඉතා වැදගත්. කොරෝනා අර්බුදයෙන් පසුව මුළු ලෝකයමවෙනස් වෙලා තිබෙනවා, ඒ අනුව සංචාරක ව්‍යාපාරයත් වෙනස්විය යුතුයි. අපි ලෝකයේ නව ප්රවණතාවයන් දෙස අවධානයයොමු කරන්න අවශ්‍යයි. උදාහරණයක් ලෙස දේශීය සංචාරකකර්මාන්තය (Domestic Tourism) වැඩි දියුණු කිරීම වැදගත්. එනිසා මේ කාලය තුළ රජය විසින් පැහැදිලි දැක්මක් සහිතසංචාරක ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එබැවින් දේශීය සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්රජාවපදනම් කරගත් සංචාරක නිෂ්පාදන වැඩි දියුණු කිරීම, නවනිෂ්පාදන හඳුන්වා දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්යාපාරලියාපදිංචි කිරීම, පොදු සේවා ප්‍රවර්ධනය, කර්මාන්ත ප්‍රමිති නගාසිටුවීම, යටිතල පහසුකම් සහ සේවා වැඩි දියුණු කිරීම මෙන්මඋපායමාර්ගික අලෙවි කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහිඅවධානය යොමු කර තිබෙනවා.
මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඉදිරි සංචාරක කර්මාන්තය වෙනුවෙන් කොවිඩ් 19 වසංගතය පැමිණෙන්න පෙර මේ ව්‍යාපාරයේ නිරත වූවන් රැකගැනීමයි. මොකද ඔවුන් තමයි මේ ක්ෂේත්රය ගැන දන්නේ. මේ ක්ෂේත්රයේ හදවත. මේ නිසා කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් රැක ගැනීම සදහා රජය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ සදහා දැනටමත් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි.
මේ වසරේ ඉදිරි මාස තුනක කාර්තුව සදහා සංචාරක කර්මාන්තය නංවාලීමේ කෙටි කාලීන සැලසුම් රැසක් අපි හදුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 167.64 ක මුදලක් වෙන් කර තිබෙනවා. එමගින් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය, ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන සංවර්ධනය, හදුනාගත් දුම්රිය ස්ථාන සංවර්ධනය වගේම, පුරා විද්‍යා ස්ථාන සංවර්ධනය කිරිමට ද සැලසුම් කර තිබෙනවා.
හැමෝම අහනවා අපි ගුවන්තොටුපොළ නැවත විවෘත කරන්නේ කවදාද කියලා? අපි මේ සදහා සුදානම් වුණත් අපිට ගුවන් තොටුපළ විවෘත කළ හැකි වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්නිර්දේශ කරන දිනයකට අනුවයි. විශේෂයෙන් කලාපිය රටවල් වලවෛරස ව්‍යාප්තිය අපි සැලකිල්ලට ගත යුතුයි. අපිට දකින්නලැබෙනවා සමහර රටවල් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනයනොකර සංචරණ සීමා විවෘත කිරීමෙන් බොහෝ අපහසුතාවලට ලක් වී තිබෙනවා. ගුවන් තොටුපළ හදිසියේ විවෘත කර අපේ රටේ කෝටි දෙකකට අධික ජනගහණය අවධානමකට ලක් කරන්න අපි සූදානම් නෑ.
කොහොම වුණත් ගුවන් සහ මුහුදු සීමාවන් යලි විවෘත කල පසු, රට තුලට පැමිණෙන විදේශික සංචාරකයන්, සංචාරක හෝටල්, ආයතන මෙන්ම අනෙකුත් සේවා සපයන්නන් අනුගමනය කල යුතුමාර්ගෝපදේශ හා ක්‍රියා පටිපාටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මග පෙන්වීමට අනුව ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ වෙනකොට සකස්කර තිබෙනවා. එම ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනආකාරය පුහුණු කිරීමත් දැනට සංචාරක සංවර්ධන අධිකාරියවිසින් ආරම්භ කරලා. අපේ අපේක්ෂාව තමයි කොවිඩ් 19 වසංගතයට පෙර තිබු තත්ත්වයටත් වඩා මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි. ඒ සදහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා මේ ලෝක සංචාරක දිනයේ දී මෙරට සංචාරක ව්‍යාපාරය පැවති තත්ත්වයටත් වඩා දියුණු කර එහි ප්රතිලාභ ජනතාවට ලබා දීම සදහා එක්වන්න යැයි ඔබ සැමට ආරාධනා කරනවා.”මධ්‍යම පළත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණි රාජරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනාර් සිංගර්, එක්සත් ජාතීන්ගේ සංවර්ධනව්යාපෘතියේ මෙරට නියෝජිත රොබට් ජුහුකම් යන මහත්ම මහත්මීහු ද මෙහි දී කථා කළහ.
ඡායාරූප වාර්තාව – 2020 වර්ෂයට සමගාමීව පවත්වන ලද අන්තර් පාසල් පෝස්ටර් තරගාවලියේ මධ්‍යම පළාතේ සංචාරක ප්‍රවර්ධනය යන මාතෘකාව යටතේ පෝස්ටරයක් නිර්මාණය කර තුන්වන ස්ථානය ලැබූ පුෂ්පදාන බාළිකා විදුහලේ කාව්‍යා ප්රබෝධිනි ජයසිංහ ශිෂ්‍යයාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතින් සහතික පත්‍රය ලබා ගත් ආකාරය.






















