Tuesday, September 8, 2026
HomeNEWSCOVID-19කොවිඩ් -19 රෝගීන්ට ශ්‍රී ලංකාවේ දෙන ප්‍රතිකාර - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම...

කොවිඩ් -19 රෝගීන්ට ශ්‍රී ලංකාවේ දෙන ප්‍රතිකාර – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෙළිකරයි

කොවිඩ් -19 රෝගීන්ට ශ්‍රී ලංකාවේ දෙන ප්‍රතිකාර – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හෙළිකරයි

කොවිඩ් -19 ආසාදිත රෝගීන්ට මෙරට දී ප්‍රතිකාර කෙරෙන ආකාරය පිළිබඳව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සවිස්තරාත්මක ලෙස විස්තර කළේය.  

ඔහු පැවසුවේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති අයට පමණක් ප්‍රතිකාර ලෙස ඖෂධ ලබාදෙන බවත් රෝග ලක්ෂණ නැති අය හට යම් අපහසුතාවයක් ඇත්නම් පමණක් ඖෂධ ලබාදෙන බවත්ය.

“කොවිඩ් පාලනය සහ මාධ්‍ය වගකීම” සම්බන්ධයෙන් අද දෙරණ “Big Focus” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය :- මැරේලියාවට සම්බන්ධ ඖෂධ භාවිතා කරනවාද ?

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :- ඔව් ඒවා භාවිතා කරනවා රෝග ලක්ෂණ තියෙන අයට. මැරේලියාවට භාවිත කළ “ක්ලෝරෝක්වින්“ සහ “හයිඩ්‍රොක්ලෝරෝක්වින්“ කියන ඖෂධය භාවිත කරනවා රෝග ලක්ෂණ තිබෙන අයට. අපිට දැනට තිබෙන අත්දැකීම් අනුව එහි ඵලදායි බවක් තියෙනවා. ඊට අමතරව රෝග තත්ත්වය වැඩි වුණහොත් වෙන වෙන ඖෂධ භාවිතා කරන්නට සිදුවෙනවා. විශේෂයෙන්ම හුස්ම ගැනීමට අපහසුතාවයන්, රැධිරයේ ඔක්සිජන් ප්‍රමාණයන් අඩුවීම් වැනි තත්ත්වයන් පැමිණියහොත්, වෙනත් විශේෂ ඖෂධ භාවිතා කරන්න වෙනවා.“

ප්‍රශ්නය :-  දැනට රෝග ලක්ෂණ පෙන්නුම් නොකර නමුත් ආසාදිතයි කියලා PCR පරීක්ෂණයේදී තහවුරු වුණු අය කිසිම ඖෂධ නොගෙන දින 14 ඉදලා යන අයත් ඉන්නවාද ?

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :-  මේ වෛරස් උණ. මේ වෛයිරස් උණවලට ස්වාභාවිකවම ශරීරයෙන් ප්‍රතිශක්තීකරණය නිර්මාණය වෙනවා. එහෙත් සමහර අයට ඒ ප්‍රතිශක්තිය ඇතිවෙන්නට කලින් වෛරසය නිසා ඇතිවන ශරීරය ඇති වන හානිය බරපතළ වෙනවා. එහෙම අයට තමයි මෙහි බරපතළ තත්ත්වයන් ඇතිවෙන්නේ.

ප්‍රශ්නය :- ප්‍රතිශක්තීකරණ එන්නතක් සම්බන්ධයෙන් අපි කථා කරනවා ඒ වගේම දැන් අපේ අය සම්බන්ධයෙන් කථා කරද්දි, බොහෝ දෙනනෙක් සමූහ ප්‍රතිශක්තියක් නිර්මාණය වෙයි කියලා.  එහෙම දෙයක් ගොඩක් ඈතද? එහෙම තැත්නම් අපි ළඟ පාතකවත් ඉන්නවාද?

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :- සමූහ ප්‍රතිශක්තියක් රටේ ඇතිවෙන්න නම් සාමාන්‍යයෙන් ජනගහනයෙන් සියයට 70කට පමණ මේ ප්‍රතිශක්තිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ 70% හැදෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි ගොඩක් දුර ඉන්නේ. සමහර විට මේකත් එක්ක තව අවුරුද්දක් දෙක හමාරක් ජීවත් වෙන්නට වෙයි. සමහර විට ඊට වඩා වැඩිවෙන්නට පුළුවන් වෙයි. ඒ නිසා මේ ආරක්ෂිත ක්‍රමවේදයන් ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසා තමයි. මේක හැකිතාක් දුරට අවම කර ගැනීමට.

ප්‍රශ්නය :- වැඩිම කොවිඩ් රෝගීන් ගණනක් අධීක්ෂණය කළ වෛද්‍යවරයා ඔබ වෙන්නට පුළුවන්. ඔබ හැම අවස්ථාවකම මේකේ රැඳී සිටියා. ඔබතුමා දකින දෙයක් තිබ්බාද අපේ ප්‍රතිශක්තීකරණය පද්ධතියේ  වෙනත් රටවලට සාපේක්ෂව අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය එන්න කියලා වෙනිවැල්ගැට, කොත්තමල්ලිවල ඉදලා ප්‍රතිශක්තිය වඩවන බොහෝ දේ අපි පානය කළා. මොනව හරි දෙයක් පෙනෙන්න තිබෙනවාද හොයාගත්ත මේ ගෙවී ගිය මාස හයක කාලය තුළ?

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :-  මේ දේ කියලා අපිට දකින්නට පුළුවන් කියලා මගේ පුද්ගලික අදහස තියෙන්නේ හොඳ වාතාශ්‍රයක් තිබෙන ඉර එළිය වැටෙන ඒ තත්ත්වයන් තිබේ නම් මෙයින් අපිට බේරීමේ සහ මේ රෝගය වැළඳුන අයටත් ඉක්මනින් සුව වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ ගැන මට විශ්වාසයක් ඇතිව කියන්න පුළුවන්. සමහරවිට අපි භාවිත කරන කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනිදෑ වල හොඳ පැත්තක් තිබෙන්නට පුළුවන්. එහි වාසියක් තිබෙන්නට පුළුවන්. එවැනි දේ ගැනීම. ඒවා ගන්න එක අපි එපා කියන්නේ නැහැ.  මොකද මටත් උණක් හැදුනත් මමත් කොත්තමල්ලි බොනවා දැනටත්. ඒවා අපි කාලයක් තිස්සේ පාරම්පාරිකව කරගෙන ආ දෙවල් ඒවා කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒවාගේ ප්‍රතිඵල තිබෙන්න ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය :- සමකය ආසන්න රටක් නිසා අපිට ඕක ගොඩක් බලපාන්නේ නැහැ කියන එකට එකඟ වෙන්න පුළුවන් ඔබතුමා කියන එකත් එක්ක සමහර විට?

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :- එහි යම් ඇත්තක් තියෙන් පුළුවන් හැබැයි එහෙම තිබුණත් දැන් අපිට දකින්න පුළුවන් ඉන්දියාවේ තත්ත්වය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img