Wednesday, November 11, 2026
HomeNEWSකොළඹට එන සමගි ජන බලවේගයට පොලිසියෙන් දැනුම්දීමක්

කොළඹට එන සමගි ජන බලවේගයට පොලිසියෙන් දැනුම්දීමක්

යම් විරෝධතාවක් සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පිරිස හෙට (16) කොළඹ නගරයට ඒකරාශීවන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එය වැළැක්වීම සඳහා පොලීසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කර ඇති ගැසට් පත්‍රයට අනුව, ඔහුගේ අවසරය නොමැතිව මහජන ඒකරාශී වීම් තහනම් කර ඇත. 

මේ තත්ත්වය මත කොළඹ නගරයට ජනතාව කැඳවීම සම්බන්ධව පොලීසිය කළ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත තුළ මහෙස්ත්‍රාත් අධිකරණ 7ක් මගින් එවැනි ඒකරාශිවීම් තහනම් කර ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව, රැස්වීම සඳහා මහජනතාව ඒකරාශී වීම, කැඳවීම, සහභාගීවීම නිතී විරෝධී බව ඒ මහතා ප්‍රකාශ කරයි.

යම් පුද්ගලයෙකු එලෙස කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මගින් පොලිස් නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img